ආර්ථික වර්ධනය පහළට . . .

2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි සඳහන් වන්නේ 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් වාර්තාවී ඇති බවය. 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර තිබේ.

කර්මාන්ත ආර්ථික කටයුතු 23.4%ක් හා සේවා ආර්ථික කටයුතු 5.0%ක් වශයෙන් පසුබැස ඇත.

2022 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,519,400ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේදී රුපියල් මිලියන 3,114,187ක් ලෙස පහත වැටී තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න . . .

Thu Jun 15 , 2023
ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු කරගන්නා තුරු සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගත යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.  ඩෙංගු ආසාදිතයකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගින් මදුරුවන් ගෙන් ආරක්ෂා කර ගත යුතු බව එම කමිටුවේ සභාපති සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අර‍ඹේපොල පෙන්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x