සමේ පිළිකා අවදානම වැඩි වෙයි . . .

ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලාංකිකයන්ගේ සමේ වර්ණයත් සමඟ මෙලනීන්වලින් ඇති වන ආරක්‍ෂාව නිසා ස්භාවධර්මයෙන්ම සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අඩු බවත් එය එසේ වුවද මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතා කරන ඇතැම් ඖෂධ සහ ආලේපන නිසා සමේ පිළිකා ඇතිවීමට බලපා ඇති බවත් ශ්‍රියානි සමරවීර මහත්මිය කීවාය.

නිසි විමසීමකින් තොරව භාවිතයට ගන්නා ඇතැම් ආලේපන ද ඊට හේතුවී ඇති බව කියන වෛද්‍යවරිය වැඩි පිරිසක් සම සුදු පැහැ කරගැනීම සඳහා කිසිදු විමසා බැලීමකින් තොරව ඕනෑම ඖෂධයක් හෝ ආලේපනයක් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් රට තුළ පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළාය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මිනිස් සිරුරු කොටස් ජාවාරම . . .

Thu Jun 15 , 2023
හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය මොචරියේ කළමනාකරු සහ තවත් තිදෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබේ. ඒ, සොරකම් කරන ලද මිනිස් සිරුරු කොටස් මිලදී ගැනීම සහ විකිණීමේ චෝදනාව සම්බන්ධයෙනි. පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා හාවඩ් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබූ මළ සිරුරු වලින් “හිස්, මොළ කොටස්, සම සහ අස්ථි” ලබාගෙන එම කොටස් ඔන්ලයින් ඔස්සේ විකිණු බවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x