සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න . . .

ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු කරගන්නා තුරු සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගත යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පෙන්වා දෙයි. 

ඩෙංගු ආසාදිතයකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගින් මදුරුවන් ගෙන් ආරක්ෂා කර ගත යුතු බව එම කමිටුවේ සභාපති සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අර‍ඹේපොල පෙන්වා දෙයි.

පවතින ඩෙංගු තත්ත්වය මැඩපැවැත්වීම සඳහා රෝග වාහකයින් පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළා ය. ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව අද රැස්වු අවස්ථාවේදී සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

රෝහල් ආශ්‍රිතව ඩෙංගු පාලනයට වෙනම මාර්ගෝපදේශ සකස් කරන ලෙසටද මෙහිදී උපදසේ ලබා දී  තිබේ. සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දී ඇත්තේ රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින් උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල ඔවුන් හුදෙකලා කළ යුතු බවයි.

මේ අතර , ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා සතියේ දින පහ වෙන් කර ගන්නා ලෙසත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙසත් සීතා අරඹේපොල අදාළ අංශ වෙත උපදෙස් දුන්නා ය.

පාසල් සිසුන් අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, එය අනිවාර්ය නොවන මෙන්ම දෙමව්පියන්ට අමතර වියදමක් නොවන ලෙස සිදු කළ යුතු බවටත් සාකච්ඡා කෙරිණ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුරාබදු දෙපාර්තමේන්තුවට පොලු තියලා . . .

Thu Jun 15 , 2023
මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මත්පැන් නිෂ්පාදන ආයතනවලින්  රුපියල් කෝටි 549 ක්ද රා නිෂ්පාදන ආයතනවලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ ස්කාගාරවලින් එක්කෝටි හැට පන් ලක්ෂයකට වැඩි මුදලක්ද ගෙවීම ( පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x