වතු කම්කරු සිරුරු පශ්චාත් මරණ පරික්‍ෂණයට යොමු නොකරයි . . .

නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් පුද්ගලයන්ගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු නොකර එම සිරුරු මුදා හරින ලෙසට වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රාදේශිය නායකයන් තමන්ට බලපැම් එල්ල කරන බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් කිහිපදෙනෙකු විසින් සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයට පැමිණිලි කර ඇත.

තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් අයගේ සිරුර සම්බන්ධයෙන් සිරුරු මුදා හැරිමට අදාල බල ප්‍රදේශයේ පොලිසිය මගින් හදිසි මරණ පරික්ෂකවරුන්ගේ වාර්තාවක් ලබා ගන්නා බවත්, එවැනි වාර්තාවක් ලබාදිමට ප්‍රථම මිය අයගේ ඥාතින් කැදවා සාක්ෂි සටහන් කර ගන්නා බවත්, එසේ සටහන් කර ගන්නා සාක්ෂි පරස්පර විරෝධි නම් එම සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට තමන්ට බලතල ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් කියා සිටියේ.

එසේ පශ්චාත් මරණ පරික්ෂණ සදහා යොමු කරන ඇතැම් සිරුරු සම්බන්ධයෙන් එම වෘත්තිය සමිතියේ ප්‍රාදේශිය නායකයින් තමන්ට දුරකථනයෙන් ඇමතුමක් ලබා දි සිරුර මුදා හරින ලෙසට බලපැම් සිදු කරන බවත්, එසේ සිරුර මුදා නොහැරිය හොත් එම ප්‍රාදේශිය නායකයින් විසින් තමන්ට විවිධ අයුරින් රාජාකාරියට බාධා සිදු කරමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් සංගමය වෙත කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උපතේ සිට මරණය දක්වා සියලු ලියකියවිලි එක් වහලක් යටට . . .

Fri Jun 16 , 2023
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x