බැසිල් තවත් වැටක් දමයි . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් කවුරුන් විසින් හෝ කැඳවන්නේ නම් පළමුව පක්‍ෂය දැනුවත් කළ යුතු බවත් අනතුරුව පක්ෂය විසින් එම නායකයන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් එම පක්ෂයේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

ඔහු මෙම මේ බව දැනුම් දී ඇත්තේ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා ඊයේ පැවති සාකච්ඡාවකදීය.

රටේ ඉහල නායකයන් හා පොදුජන පෙරමුණේ නායකයන් අතර සිදුවන සාකච්ඡා පිළිබඳව විවිධ නිලධාරීන් මාර්ගයෙන් එම නායකයන් දැනුවත් වීම සිදුකරන නිසා පක්ෂයේ විනය පිළිබඳ ගැටලුවක් ඇතිවිය හැකි නිසා මේ පිළිබඳ පක්ෂයේ සියලු දෙනා සැලකිලිමත් යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් කැඳවීමක් සම්බන්ධයෙන් මෑතක දී මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. එහිදී අවසානයේ දී පැවති සාකච්ඡාවක දී තීරණය වී ඇත්තේ පක්ෂයේ මන්ත්‍රීවරු කැදවන්නේ නම් පක්ෂ නායකයන් හරහා දැනුවත් කිරීම කළ යුතු බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ නාහිමිගේ වාහනයේ ඉන්ධන දීමනාව කපයි . . .

Fri Jun 16 , 2023
රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ට ජනාධිපති කාර්යාලය ලබාදී ඇති වාහනය සඳහා ඉන්ධන දීමනාව කපා හැරීමෙන් හේතුවෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාගේ නිල රථය මහනායක හිමියන්ට ලබාදී තිබේ. ජනාධිපති කාර්යාලයෙන් මහනාහිමියන්ට සුදුසු වාහනයක් ලබා දෙන්නැයි එම නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන් විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවා ඇත. මහ නාහිමියන්ගෙන් නිල කටයුතු සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x