ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් දකුණට රතු එළියක් . . .

කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඇතැම් රාජ්‍ය ආයතන කිව්.ආර්. ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බවයි පිරවුම්හල් හිමියන් පවසන්නේ.

එවැනි අත්‍යවශ්‍ය ආයතනවලට ඉන්ධන ඇතැම් පිරවුම්හල්වලින් ලබා දී තිබුණ ද සංස්ථා නීතිරීති අනුව කිව්.ආර්. ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීම නිසා ඉන්ධන සැපයීම අත්හිටුවීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙලෙස ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති ඉන්ධන පිරවුම්හල්වලින් සංස්ථාව නිදහසට කරුණු විමසා ඇති අතර ඔවුන්ට ඉන්ධන සැපයීම පිළිබඳව සලකා බලමින් සිටින බව ද පැවසේ.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉහළ අහසේදී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී නියමු කුටියට කඩා වදී . . .

Sat Jun 17 , 2023
ඉක්වදෝරයෙන්, ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගැටුණු කුරුල්ලෙකු නියමු කුටියට කඩාවැදීම හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්ස වූ පුවතක් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉක්වදෝරයේ ලෝස් රියෝස් ප්‍රාන්තයේදී මෙලෙස කුරුල්ලෙකු වැදී ඇත්තේ කුඩා ගුවන් යානයක වන අතර කෙසේ වෙතත් නියමුවා විසින් යානය සාර්ථකව ගොඩ බැස්සවීමට සමත් වී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x