යෝගා වැඩසටහනේදී බන්දුලට කුඩ ඇල්ලීම . . .

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර යෝගා දින සැමරුම සඳහා සහභාගී වු මෙරට දේශපාලකයන් කිහිප දෙනෙකුට කිසියම් පිරිසක් කුඩ ඉසිලීමක් සිදු කරන ආකාරය දැක්වෙන ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමක් සිදුවනවා.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ශ්ව විවේචන එල්ල කරන මොහොතක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ මාධ්‍ය අංශය එම සිදුවීම ගැන පැහැදිළි කිරීමක් සිදුකර තිබුණා.

එම පැහැදිලි කිරීමේ දැක්වුණේ වැඩසටහන අතරතුර පෙරවරුවේ ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව අවස්ථාවේ පැමිණ සිටින සියලු දෙනාටම කුඩ ඉහලමින් ආවරණය සැපයීමට සංවිධායක ඉන්දියානු මහ කොමසරිස් කාර්යාලය කටයුතු කළ බවයි.

මෙලෙස කුඩ ඉසිලීම කිසිසේත්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත පමණක් ලබා දුන් විශේෂ සැලකිල්ලක් නොවන අතර, සියලු දෙනා වෙනුවෙන් අවස්ථානුකූලව ගන්නා ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බවයි එහි වැඩි දුරටත් දැක්වුණේ.

එසේම, ඒ සඳහා කටයුතු කරන ලද්දේ ද සංවිධායක කමිටුවේ නියෝජිතයින් වන අතර ප්‍රභූ ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකු ඊට සම්බන්ධ වී නොමැති බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසන්නේ.

  • Sithumi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අබ්දුල් හලීම්ගේ මල්ලි පොලිස් අත්අඩංගුවට . . .

Sun Jun 18 , 2023
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් ගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x