පොලිස්පති ගෙදර යයි . . .

මාස තුනක සේවා දිගුව අවසන් වීමත් සමඟ පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ සේවා කාලය එළැඹෙන 26 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ. පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට සිටි ඔහුට රජය විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දෙන ලදී.

මේ වනවිට මීළඟ පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, අජිත් රෝහණ, ප‍්‍රියන්ත වීරසූරිය යන නම් යෝජනා වී ඇති අතර මීළඟ පොලිස්පතිවරයා කවුදැයි අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

ජනාධිපතිවරයා නිතර වෙමින් සිටින විදේශ සංචාරයක නිම කර මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ටිරාන් අලස් කියා සිටී.

පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් කරන යෝජනාවක් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසු මීළඟ පොලිස්පතිවරයා පත්වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රෝහිතට තානාපති ධූරයක් . . .

Mon Jun 19 , 2023
හිටපු අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. මෙම පත් කිරීම ළැඹෙන අගෝස්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මේ වන විට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන සරෝජා සිරිසේන එම ධුරයෙන් ඉවත් වනු ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x