බැසිල්ගේ බල කිරීමෙන් තවත් අමාත්‍ය ධුර හයක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන නම් එහි සඳහන් වේ.

මෙහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ ජනතාවට සේවය කරන්න ඇමැතිකමක් අනවශ්‍ය බවය.

ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය සිදුවී ඇති බවත්ය.

  • යූ. කේ. අබේරත්න
    Divaina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක් . . .

Mon Jun 19 , 2023
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ට අයත් ගෝනවල පමුණුවිල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. සපුගස්කන්ද පොලිසිය සදහන් කරන්නේ මෙම පහර දීම මත නිවසේ ජනෙල් කිහිපයකට හානි සිදුවී ඇති බවයි. ප‍්‍රහාරය සිදු වූ අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නැති බවත් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x