යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිපදවූ දෙදෙනෙක් අත්අඩංගුවට . . .

යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිපද වූ පුද්ගලයින් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා වශයෙන් අනාවරණය වී ඇති බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි 05ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් ද සොයාගත් බව පොලීසිය කියයි.

ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බවද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසයි.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලක්ෂ 70ක වංචාවකට මහින්ද කහඳගම රිමාන්ඩ් . . .

Wed Jun 21 , 2023
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියෙහි පිහිටි මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබාගෙන වංචා කළ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙන් ම පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයෙකු වන මහින්ද කහඳගමගේ නමැත්තා මෙම 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x