ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න බැහැ කියයි . . .

 

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම දුරකතනය සහ සිම්කාඩ් පත මරණකරුගේ පවුලේ ඥාතීන්ට ලබා දුන්පසු ඔවුන් එම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී එහි ඇති දත්ත මැකී යා හැකි බවටත්, එම දුරකතනය සහ සිම්කාඩ් පත සම්බන්ධ පරික්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බවටත් රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ නඩුව ලබන 28 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.

  • නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිපදවූ දෙදෙනෙක් අත්අඩංගුවට . . .

Tue Jun 20 , 2023
යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිපද වූ පුද්ගලයින් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා වශයෙන් අනාවරණය වී ඇති බවයි. සැකකරුවන් සන්තකයේ තිබී T56 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x