හම්බන්තොටින් විශ්මිත සැත්කමක් . . .

හම්බන්තොට මහ රෝහලේ දී ඊයේ (19) දිනයේ සිදු කල විශ්මිත සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක (10) පමණ ගෙඩියක් ඉවත් කල බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටිනවා.

හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කල සැත්කමකින් මෙම ගෙඩිය ගර්භාෂයෙන් එළියට ගෙන තිබේ.

සැත්කම සිදුකල විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ 49 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තමා හමුවට පැමිණි බවත් උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසු තාවය ඇති බවද දන්වා සිටියා.

වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂන කටයුතු සිදු කිරීමෙන් පසුව ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හෙලි විමෙන් පසුව මෙම සැත්කම (19) දිනයේ දි හම්බන්තොට මහ රෝහලේ දි සිදු කර තිබේ.

මෙම ගෙඩිය ගර්භාෂයේ පිහිටා ඇති බව පරීක්ෂන වලින් හෙලි වීමෙන් පසුව සෙසු වෛද්‍යවරුන් හා කාර්යමන්ඩල සමග ඉතා සාර්ථකව මෙම සැත්කම හම්බන්තොට මහ රෝහලේ දි සිදු කර ගෙඩිය ඉවත් කිරීම සිදු කාරුණා.

මේ අතර පසු ගියදා මෙරටින් තවත් විශ්මිත සැත්කමක් සිදු කෙරුණා. ඒ යුධහමුදා රෝහලේදී වකුගඩුවක තිබූ ග්‍රෑම් 800ට වැඩි බරකින් යුත් ගලක් ඉවත් කිරීමයි.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිමෙන්ති මිල යළි ඉහළ යයි . . .

Tue Jun 20 , 2023
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා  වනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ, ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x