ලක්ෂ 70ක වංචාවකට මහින්ද කහඳගම රිමාන්ඩ් . . .

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියෙහි පිහිටි මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබාගෙන වංචා කළ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙන් ම පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයෙකු වන මහින්ද කහඳගමගේ නමැත්තා මෙම 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 20) නියෝග කළේ ය.

මෙම සැකකරුගේ හිතවෙතකු බව කියන නුවර ප්‍රදේශයේ පදිංචි ජයන්ත මුනවීර නමැති අයෙකු පොලිස් වංචා විමර්ශන ඒකක අංක 7 වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකාර පුද්ගලයා ඉහත සඳහන් පැමිණිලිකරුට කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බවද ඒ අනුව පැමිණිලිකරු මුදල්වලින් මෙන් ම චෙක් මගින්ද සැකකාර පුද්ගලයාගේ ගිණුමට මුදල් බැර කර ඇති බව ද පැමිණිල්ල මෙහෙයවූ පොලිස් වංචා විමර්ශන අංක 7 ඒකකයේ උපපොලිස් පරීක්ෂක දිසානායක හා පොලිස් කොස්තාපල් ඉහළගෙදර (69034) යන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

  • Kumudu Upul Shantha
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මනමේ කුමරු වේදිකාවෙන් බැසයයි . . .

Wed Jun 21 , 2023
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තණ ආචාරය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න  මහතා අද (21) අලුයම අභාවප්‍රාප්තවිය. මීරිගම බැද්දෙගෙදර කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙකුවූ  ඔහු මියයනිවිට 52 හැවිරිදි වියේ පසුවිය. මනමේ කුමාරයා ලෙස කාගේත් හැදින්වීමට ලක්වූ ඔහු සිංහබාහු, නරිබෑනා,  අසිනිවැස්ස,   රෑකඩ රාජ්ජේ ඇතුලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x