නව කර්මාන්තපුර හයක් . . .

මෙම වසර තුළදී කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව නව කර්මාන්තපුර හයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී.ජයසුන්දර පැවසුවාය.

ජාතික කර්මාන්ත දිනයට සමගාමීව පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

ජාතික කර්මාන්ත දිනය මෙමස 22 වැනිදාට යෙදී ඇති අතර,ඒ නිමිත්තෙන් මෙමස 22,23,24 සහ 25 යන දිනයන්හිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කර්මාන්ත 20 කට අදාළ කර්මාන්ත කුටි 700 ක් ප්‍රදර්ශන භූමියේ පිහිටුවා ඇත. මේ වසර අවසානයේදී කර්මාන්ත ව්‍යවසායකත්ව පාසල් කමිටු 3000 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරිය පැවසුවාය.

රටක ශ්‍රම බළකායට රැකියා ලබා දෙන්නට නම් ව්‍යවසායකයන් 10% ක්වත් සිටිය යුතු වූවද, මෙරට තවමත් සිටින්නේ ව්‍යවසායකයන් 2.8% ක් පමණක් බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම කීවේය.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු දිනකට සිය ජංගම දුරකථනයේ තිරය දෙස 32 වරක් බලන බවද,සිය ව්‍යාපාර දියුණු කරගත හැකි තෝතැන්නක් බවට ජංගම දුරකථනය පත්කළ හැකි බවද සභාපතිවරයා පැවසුවේය.

මෙරට නිෂ්පාදනය කරන ලද අමතර කොටස් යොදාගෙන සකස් කරන ලද වාහන රැලියක් අද (21 වැනිදා) පස්වරු 4.30 ට ගාලු මුවදොරින් ආරම්භ කර පිටකොටුව, මරදාන හරහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා ගමන් කෙරෙන බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් යූ.රත්නමලල පැවසීය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් දිගටම . . .

Wed Jun 21 , 2023
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට යද්දී, අතුරුදන් වූ කුඩා සබ්මැරීනයේ (කුමුඳුවේ) සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවය. සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙති. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x