ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුරුදහන් . . .

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්  වේ. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ.

මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවත් මේ වාහන අතුරින් වාහන 27 සඳහා එම කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

එම වියදම් ප්‍රතිපූරණය කර කරගැනීමට හෝ කටයුතු කර නොතිබූ බව විගණන අංශ සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රත්තරන් මිල ටික ටික ඉහළට . . .

Sat Jun 24 , 2023
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසූහ.   ඩොලරයේ අගය දෙපසට දෝලනය වෙමින් තිබෙන මේ දිනවල කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ත් 156,000 අතර මිලක පවතින බවත් කැරට් 24  රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 170,000 ත් අතර මිලක පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x