පැරිස් නුවර නොසන්සුන්කාරී තත්ත්වයක් . . .

පොලීසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා ආරම්භ වී තිබේ.

අණ නොතකා සිය මෝටර් රථය ධාවනය කළ බවට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිළධාරියෙකු විසින් අදාල තරුණයාට වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධියත් සමග පැරිස් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති අතර විරෝධතාවල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති බව වාර්තා වේ.

විරෝධතා අතරතුර රථවාහන රැසකටද ගිණිතබා තිබේ.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරියාට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විරෝධතාවන්ට සම්බන්ධ වු පුද්ගලයින් 20කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනය ආදායම ඉහළට . . .

Wed Jun 28 , 2023
ශ්‍රී ලංකාවේ මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි සභාපති විරාජ් ද සිල්වා  පැවසුවේ 2022 වසරේ ජනවාරි මස සිට එම වසරේ මැයි මස 31 දක්වා වූ කාලසීමාව තුළදී ලැබූ ආදායම හා සසඳන විට එම අගය සියයට 32කින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x