බීමත් හිමිනමක් දායකයන් එක්වී ගස් බදිති . . .

අධික ලෙස බීමත්ව කලහාකාරී හැසිරෙමින් පුද්ගලයකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිමිනමක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශරීරය රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

අදාල හිමිනම බීමත්ව කලහාකාරී ලෙස හැසිරෙමින් පහර දුන්නේ යැයි පවසමින් පුද්ගලයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

එසේ පහර දීමත් සමග දායකයන් එක්ව හිමි නම අල්ලා ගස් බැඳ පොලිසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් ගොස් හිමිනම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අදාළ හිමිනම සඳහන් කර ඇත්තේ දායකයන් පිරිසක් එක්ව තමන්ට පහර දුන් බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිනේෂ් ෂාෆ්ටර්ගේ ටයි පටියෙන් ​පොලිස් නිලධාරියකුගේ ජෛව සාම්පල හමුවෙයි . . .

Thu Jun 29 , 2023
අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සාම්පලය, පොලිස් නිලධාරියකුගේ බව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව, විසින් ඊයේ (28) අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, අනුව එම ආගන්තුක ජෛව සාම්පලය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී (සෝකෝ) පොලිස් සැරයන් (29541) සුනිල්ගේ ඩී.එන්.ඒ.සමඟ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x