ජනාධිපති සටනට බැසිල් යළි කරළියට . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පොදුජන පෙරමුණු නායකයාගෙන් දැඩිව ඉල්ලා ඇති බව පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එහෙත් බැසිල් රාපක්ෂ එම මැතිවරණය සඳහා තරග කරනවා නම් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත යුතු වන අතර බැසිල් රාජපක්ෂ ද එම කරුණ පිළිබඳ මේ වනවිට සලකා බලමින් සිටින බව ද දැනගන්නට ඇත.

ඒ අනුව, තම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන මුලින් ම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඉන්පසුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවක් බැසිල් රාජපක්ෂට ඇති බව පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ සාමාජිකයෙක් පැවසීය.

මීට පෙර ද බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ අතර එම ක්‍රියාවලියේදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව එම ආසනය බැසිල් රාජපක්ෂට ලබා දෙන ලදී.

බැසිල් රාජපක්ෂ මෙවර ද පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් ඒ සඳහා තම ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබා දීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සූදානමින් සිටින අතර තවත් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ සඳහා සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රබල මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය සතියේදී පොදුජන පෙරමුණු මූලස්ථානයේදී විශේෂ සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා ඇති අතර එහිදී ද මෙම කරුණ පිළිබඳ සාකච්ඡා වී ඇති බව ද දැනගන්නට ඇත.

එහිදී මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ඉදිරිපත් කළ යුතු බව යි. නමුත් මෙම කරුණ පිළිබඳව බැසිල් රාජපක්ෂ වැඩිදුර කරුණු දක්වා නැති බව ද වාර්තා වෙයි.

තම පක්ෂය එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයන් දෙදෙනකු පිළිබඳව සැලකිල්ලෙන් සිටින බවත් ඉන් එක් අයෙකු ආර්ථිකය පිළිබඳ මනා දැනීමක් සහිත පුද්ගලයෙකු බව ත් අනෙක් පුද්ගලයා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් දැරිය හැකි පුද්ගලයකු බව ත් මේ පිළිබඳව කළ විමසීමකදී පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරයෙකු පසුගිය දා පැවසීය.

ආර්ථිකය පිළිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයෙකු ලෙස මහාචාර්යවරයා පවසන්නේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විය හැකි බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැක්වෙයි. එහෙත් මෙම කාරණය පිළිබඳව පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවතින අතර ඒ අනුව අවසන් නිගමනයකට එළඹෙනු ඇති බව දැනගන්නට තිබේ.

  • Krishan Jayasuriya
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

EPF අවම පොලිය 9% යි . . .

Sat Jul 1 , 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවන පරිදි එම අරමුදලට සියයට නවයක අවම පොලී අනුපාතයක් ලැබෙන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසීය. එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට නවයක අවම පොලී අනුපාතයක් ලබාදීම ස්ථිර කිරීම සඳහා නීති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x