දන්ත වෛද්‍ය පර්යේෂක කස්සපට අන්තර්ජාතික සම්මානයක් . . .

ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි සරසවියේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙක් වන ආචාර්ය කස්සප ඇල්ලෙපොල ට දන්ත වෛද්‍ය පර්යේෂණ නවෝත්පාදනය වෙනුවෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය සම්මාන පිරිනැමීය.

කොලොම්බියාවේ බොගෝටා නගරයේ පැවති අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමයේ 101 වන සමුළුවේදී කස්සප ට සම්මානය ප්‍රදානය කළේය.

ආචාර්ය ඇල්ලෙපොල ගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50000 ක මුදලක් හෙලියොන් සමාගමේ මුල්‍ය පරිත්‍යාගයෙන්, අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය එහිදී පිරිනැමීය.

ආචාර්ය ඇල්ලෙපොල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර කැළණිය සරසවියේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිධාරියෙකි. ඔහු සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලුවිසියානා ප්‍රාන්ත සරසවියෙන් සහ චිකාගෝහි ඉලිනොයි සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලැබීය.

ආචාර්ය ඇල්ලෙපොල සහ ඔහුගේ උපදේෂක මහාචාර්ය රසල් පෙසවෙන්තෝ එක්ව නිපදවු නව නැනෝ සංයෝගයක් වෙනුවෙනි. මෙම නැනෝ සංයෝගය ඌන ඛේටය ශ්‍රාවය නිසා හටගන්නා වියළි මුඛ කුහරයක් සහිත රෝගීන්ට ඛේටයේ ජෛවරසායන ක්‍රියාකාරීත්වය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට උපකාර වෙයි.

විශේෂයෙන්, විකිරණ චිකිත්සාව සහ රසායන චිකිත්සාවට ලක්වන පිලිකා රෝගීන් අතර ඌන ඛේටය ශ්‍රාවය හේතුවෙන් බහුලව සහ දිගුකාලීනව වියළි මුඛයන් දක්නට ලැබේ. මෙම රෝගීන්ගේ ඌන ඛේටය ශ්‍රාවයට අමතරව, ඛේටයේ වැදගත් සංඝටකයන්ගේ ක්‍රියාකාරීත්වය අවම මට්ටමක පවතී. මේ නිසාවෙන් ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය දැඩි ලෙස අවදානමට ලක්වන අතර, කථනය, ආහාර ගිලීම, මුඛය තුළ කෘත්‍රීම සවිකරීම් රදවා ගැනීම අපහසු කරන අතර නිරතුරුව දන්ත කුහර ඇතිවීම, දිලීර ආසාදන සහ මුඛයේ තුවාල හටගැනීමට හැකිය.

වියළි මුඛයන්ට ප්‍රතිකාර කිරීමට දැනට පවතින ක්‍රමවේද එතරම් සාර්ථක නොවන අතර, එම ක්‍රමවේද ඛේටයේ ජෛවරසායන ක්‍රියාකාරීත්වය ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් මෙන්ම අතුරු ආබාධයන් ඇතිවිය හැකිය.

“අප නිපදවූ නව නැනෝ සංයෝගයෙන් මෙම තත්වයන් මගහරවන අතරම, ඛේටයේ බැක්ටීරියානාශක, දිලීරනාශක සහ ප්‍රතිඔක්සිකාරක හැකියාව ප්‍රතිස්ථාපනය කරමින්, දිගුකාලීන මුඛ සෞඛ්‍ය ආරක්ෂාවක් ලබා දීමට හැකියි” යැයි ආචාර්ය ඇල්ලෙපොල පැවසීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රේමයේ නගරයටත් කළු ජූලිය පැතිරෙයිද? . . .

Mon Jul 3 , 2023
ප්‍රංශයේ කළු ජාතික සම්භවයක් සහිත 17 හැවිරිදි තරුණයෙකුට පොලිසිය වෙඩි තබා ඝාතනය කිරිමත් සමග ඇති වූ විරෝධතා රැල්ල ඊයේ 05 වෙනි දිනයටත් පැවති අතර ප්‍රේමයේ නගරය යනුවෙන් හැඳින්වෙන පැරිස් නගරයට එම විරෝධතා ඇතුළුවීම වලක්වාගැනීම සඳහා දැඩි ආරක්ෂක විධි විධානත් යොදා තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වයි. ඊයේ රාත්‍රිය වනවිට විරෝධතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x