පැරණි වාහන පාරට දාන්න සහනයක් . . .

වසර ගණනාවක් ආදායම් බලපත්‍රය නොගැනීම නිසා පාවිච්චි නොකර ගාල්කර ඇති පැරණි වාහන වලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

නැවත ලියාපදිංචි කිරීම සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවීම නිසා ඇතැම් වාහන ද පාවිච්චි නොකර ගාල්කර ඇති බව කී වීරසිංහ, ඒ අනුව ලියාපදිංචිය අලුත් කිරීමට සහනයක් දීමට යෝජනා වී ඇති බව ද සඳහන් කළේය.

මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිත බව ද නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අඟහරු ග්‍රහලෝකයේ පාෂණ වලට සමාන පාෂාණයක් මෙරටින් හමුවෙයි . . .

Mon Jul 3 , 2023
අඟහරු ග්‍රහලෝකය මත ඇති පාෂණ වලට සමාන මෙරට පාෂාණයක් පිළිබඳව නාසා ආයතනය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සුනිති කරුණාතිලක වීම විශේෂත්වයක් වෙයි. ඔහු මේ වනවිට නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන බව සඳහන් වෙයි. මෙම පාෂාණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x