ශාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි . . .

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකළ රූගත කිරීමක් අතරතුරදී අනතුරකට මුහුණ දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුව ඇති බවයි.

එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට රැගෙන ගොස් තිබේ.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශාරුක් ඛාන්ගේ නාසයට සුළු ශල්‍ය කර්මයක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් අනතුර සිදු වූ අයුරු හෝ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක් . . .

Tue Jul 4 , 2023
මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර්  මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. පසුගිය වසරේ ජනවාරි මස සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x