සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට නියෝග . . .

ඇෆ්ගනිස්ථානයේ සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට තලෙයිබාන් පාලනය නියෝග කර තිබේ.

එම ස්ථාන වසා දැමීම සඳහා ජුලි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ.

කාන්තාවන් සඳහා තලෙයිබාන් පාලනය විසින් පැනවූ නවතම කොන්දේසිය ලෙස මෙය සැලකේ.

2021 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය ආරම්භ වීමත් සමග කාන්තා නිදහස සීමා වූ අතර ඔවුන් සඳහා විවිධ කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබුණි.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පැවති 1996 – 2001 කාලය තුළ ද රූපලාවන්‍යාගාර විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවූ අතර 2001 වසරෙන් පසුව ඒවා ක්‍රමයෙන් යළි විවෘත වී තිබු බව සඳහන්ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා . . .

Wed Jul 5 , 2023
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිමෙන් (05) දින උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියේ, නානුඔය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රිය අද(05) දින අලුයම 4.00 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x