හොර සහතික දුන් ග්‍රාම නිලධාරී මාට්ටු . . .

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට සිසුවියන්  දෙනෙකු ඇතුළත් කිරීමට ව්‍යාජ ගුරු පුහුණුවක ඇතුලත් කිරීමට ග්‍රාම සේවා සහතික නමයක් සකස් කළේ යැයි කියන ග්‍රාම නිලධාරීවරයෙක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරී වරයෙකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක   ඔහුගේ නිල නාමය සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදාගෙන කූඨ ලේඛන සකස් කර මෙම පාසලට දරුවන් විසි නව දෙනකු ඇතුළත් කර ඇති බවට  මීට පෙර පැමිණිලි කර තිබිණි.

මෙම පැමිණිල්ල අනුව පුළුල් විමර්ශනයක් පැවැත්වීමේදී හෙළි වූ තොරතුරු මත මෙම ග්‍රාම නිලධාරිවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා  රාමනායක සහ ජේ.ඒ.එල් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිමෙන්ති මිල අඩු කරයි . . .

Thu Jul 6 , 2023
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (6)  පැවසීය. ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භාණ්ඩ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x