හැට්ටේ අස්සේ සර්පයින් සඟවා පැමිණි කතක් අල්ලයි . . .

කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ. අමුතු ශරීර හැඩයක් තිබීම හේතුවෙන් රේගු නිලධාරීන් මෙම කාන්තාව පරික්ෂා කර ඇති අතර එහිදී කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනකු රේගු නිලධාරීන් සොයා ගෙන ඇත.

කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නැතත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව රේගු නිලධාරීන් පවසා තිබේ. එසේම සර්පයින් පස් දෙනා අදාල බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් . . .

Wed Jul 12 , 2023
25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක්  හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් දිනා ගත්තාය. ඒ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින්ය. මේ අතර, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x