කලා විෂය ධාරාව හැදෑරූ අයටත් හෙද සේවයට යන්න අවස්ථාව . . .

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී යි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීමේ රැස්වීමකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට ඖෂධ ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු නොවන බවට සහ ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනකට ලබා ගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය සහ දිනකට එක් එක් රෝහලෙහි පවතින ප්‍රමාණය සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ජාලකරණ පද්ධතිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමට ද කටයුතු සැලසුම් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂයයන් සඳහා සුදුසුකම් ඇති අය පුහුණුව සඳහා ද සලකා බලන පරිදි රෙගුලාසි වෙනස් කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට ආ සුපිරි නළුවා . . .

Fri Jul 14 , 2023
දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් අද (14) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත. එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x