ජපානයෙන් අලුත් පළතුරක් . . .

ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත. ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි.

ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත. මෙම නව පළතුර ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි. එය මින් පෙර කිසිවකු රසවිඳ නොතිබූ අද්විතීය රසයක් බව එම ගොවීන් පෙන්වා දී ඇත.

පෙනුමෙන් පැණි කොමඩු ගෙඩියක් වැනි ලෙමන් පැණි කොමඩු ගෙඩි වල අසාමාන්‍ය සුදක් තිබෙන බවත් එය පැණි කොමඩු ගෙඩියක් තරම් විශාල නොවන බවත් ජපාන ගොවීන් පවසයි. ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ජපාන වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් 23.30 ක (ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ ) මුදලකට මිල කර ඇත.

අගෝස්තු මාසය තෙක් සපෝරෝ නගරයේ වෙළඳපොළවල් තුළ ලෙමන් පැණි කොමඩු ගෙඩි ඇත්තේ 3800 පමණක් බවද ජපාන ගොවින් ප්‍රකාශ කර ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෘතිම සිසිල් බීම . . .

Fri Jul 14 , 2023
සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ පැවති රැස්වීමකදී aspartame පිළිකා කාරකය පිළිබඳව ප්‍රථම වරට ඇගයීමක් සිදු කර තිබෙනවා. IARC කණ්ඩායම aspartame මිනිසුන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x