ගල්කිස්ස සිට කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක් . . .

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා   සිට වායුසමනය කළ  සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.   

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බව  දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ . ඉදිපොලගේ  පැවසීය.

රාත්‍රී 10 ට පමණ මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

මෙම දුම්රියෙ ප්‍රවේශ පත්‍රයක මිල  රුපියල් 4000 ක් පමණ වේ.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් නවීකරණය කිරීමෙන් පසුව  අද සිට කොටුව හා කන්කසන්තුරේ අතර  දිනපතා මගී දුම්රිය හයක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගෙ කීය.

  • මහින්ද නිශ්ශංක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩොලර් ඉවත දමා රුපියල් වලින් පමණක් ගනුදෙනු කරන්න යයි . . .

Sun Jul 16 , 2023
විදේශ විනිමය ගනුදෙනුවලින් සියයට 90 කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වූ ඇමරිකානු ඩොලර් මත යැපීම වෙනුවට බංග්ලාදේශය ඉන්දියාව සමඟ වෙළඳාමේදී ඉන්දීය රුපියල් සම්පූර්ණයෙන්ම භාවිත කිරීමට තීරණය කර ඇත. ඒ අනුව බංග්ලාදේශයේ සොනාලි බැංකුව, ඊස්ටර්න් බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුව (SBI) යන බැංකු තුනට අසල්වැසි රටේ ඔවුන්ගේ සගයන් සමඟ නොස්ට්‍රෝ ගිණුම් විවෘත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x