කෙහෙළිය ඉල්ලා අස්වන තුරු අමාත්‍යාංශය ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් . . .

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ ඇතුළු එම අමාත්‍යංශයේ ප්‍රධානීන් ධුරවලින් ඉවත් වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් අද සිට ආරම්භ කර කරන බව දුෂණයට නාස්තියට එරෙහිව බලය සංවිධානය පවසයි.

සංවිධානයේ සභාපති කම්මුනි තුෂාර සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ධුරවලින් ඉල්ලා අස්වන තුරු මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක බවයි.

මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන රැසක් සහාය ලැබී ඇති බවද ඔහු පැවසීය.

බාල ඖෂධ ගෙන්වීම, ඖෂධවලින් මියගිය පුද්ගලයන්ට වන්දි ලබා නොදීම, ඖෂධවලින් මිය ගිය බව පිළිගැනීමට සෞඛ්‍ය බලධාරීන් සුදානම් නොවීම, ඖෂධය හේතුවෙන් වෙනත් රෝගාබාධ ඇතිවීම ආදී වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු කාරණාවකට විසඳුම් ලබා දීමට අපොහොසත් වීමේ වරද පිළිගෙන මෙම පිරිස ඉල්ලා අස්විය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ පාරේ රේස් පැද්ද 16ක් මාට්ටු . . .

Tue Jul 18 , 2023
කඩුවෙල පොලිස්බල ප්‍රදේශයේ ස්ථාන හතරක මහජනයා අනතුරේ හෙළමින් සහ අපහාසුතාවට පත්වන අයුරින් අපරික්ෂාකාරි ලෙස තනි රෝදයෙන් යතුරුපැදි රේස් පැද්ද යතුරුපැදි 16 දෙනකු පොලිසිය බාරයට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. මෙම තරුණයන්  වැලිවිට පාර, වැවපාර, චන්ද්‍රිකා කුමාරතුංග මාවත, මිලේනියම් ඩ්‍රයිව් පාර, යන ප්‍රදේශවල මහජනය අනතුරේ හෙළමින් තරුණ පිරිසක් යතුරු පැදිවලින් රේස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x