ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය සම්බන්ධයෙන් බුද්ධ ජයන්ති පාලි ත්‍රිපිටක පෙළ ඉංග්‍රීසි අකුරෙන් ලිවීම හා ඉන්ටර්නෙට් වෙත මුදා හැරීම සිදු කිරීමට අදාළ සාකච්ඡාවක් මහා සංඝරත්නය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අතර අමාත්‍යංශයේදී පවත්වා තිබේ.
ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් හා බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරීමමේ අරමුණින් යුතුව මෙම කාර්යය සඳහා සාකච්ඡාව සිදු කර ඇත.
මේ වන විට සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා ඉන්ටර්නෙට් වෙත මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සිය කැමැත්ත පළ කළ තිබේ.
එමෙන් ම, සඳහා මහ නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීම කළ යුතු බවට ද සඳහන් වී ඇත.
මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා උත්තරිතර මණ්ඩලය, අධීක්ෂණ මණ්ඩලය, හා ක්‍රියාකාරී මණ්ඩලය ලෙසින් මණ්ඩල 3ක් පත්කිරීමට හා මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර තිබේ.
- Mawbima