කැලණි පාලමේ ඇණ කතාව බොරු . . .

කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී  අද (19)පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය.

කැලණි පාලමේ ඇණ ගැලවූයේ  යැයි  කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන පී.වී.සී බට හොරකම්  කරල තියෙනවා. නව කැළණි  පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර සවිකර තිබූ කොටස් සොරකම්  කරල තියෙනවා.  පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියනවා.

ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40 ක පාඩුවක් සිද්ධ වෙලා. වායු සමීකරණ යන්ත්‍ර කොටස්  සොරකම් කිරීමෙන් මිලියන 0.5 ක පාඩුවක් සිද්ධ වෙලා.  දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව  කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ අණ ගලවන්න බෑ.ඇණ ගලවන වානම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම  අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දැනුවත්වී විදෙස් ගත වෙන්න . . .

Wed Jul 19 , 2023
නීති විරෝධී ආකාරයට රැකියාවන් සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව සදහන් කරමින් මුදල් ජාවාරම් කළ පොලිස් නිලධාරියෙක්, කාන්තාවක් ඇතුළු සිව් (04) දෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නොමැතිව බදුල්ල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x