ඝනපූර්ණය නැතිව මැතිසබේ කටයුතු නවතී . . .

මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අතරතුරේදී සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට පමණ අද (20) පස්වරුවේ නතරවිය.

වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක අගමැතිවරයා, සභා නායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සභාවේ නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කළහ.

සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසිනි.

මේ අවස්ථාවේදී මුලසුනේ සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාගේ දැනුම් දීම අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව ඊයේ පස්වරු 2.50 ට පමණ නාද කෙරිණ. ඒ අනුව  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණ ඝනපූර්ණය සම්පූර්ණවීමෙන් පසුව සභාවේ කටයුතු යළි ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ පැවසීය.

අපි කවුරුත් එකඟතාවයකට ඇවිල්ල තමයි සභාව පවත්වා ගෙන යන්නේ. මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ කමිටුවල හිටියා. අගමැතිතුමාත් හිටියෙ ඒ  රැස්වීමක. මේවා ඔක්කොම පාර්ලිමේන්තුවේ කටයුතු. මෙහෙම කළොත් ඒ කමිටු පවත්වාගෙන යන්න බැරිවේවි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ,

මේ වගේ වැදගත් වෙලාවක විපක්ෂය මේ විදිහට හැසිරීම කණගාටුදායකයි.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ටෙලිකොම් සභාපති ධූරයෙන් ඉවත් කරයි . . .

Thu Jul 20 , 2023
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු එම ධූරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා  ටෙලිකොම් ආයතනයේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා  තිබූ අතර එහිදී ආයතනය නව සභාපතිවරයකු පත්කර ගත යුතු බවට යෝජනා වී ඇති අතර රොහාන් ප්‍රනාන්දු ඉවත්කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයේ ඡන්දය හිමි වී තිබේ. මේ පිළිබඳව කොළඹදී පැවැති ප්‍රවෘත්ති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x