ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී ආයතනය නව සභාපතිවරයකු පත්කර ගත යුතු බවට යෝජනා වී ඇති අතර රොහාන් ප්‍රනාන්දු ඉවත්කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයේ ඡන්දය හිමි වී තිබේ.
මේ පිළිබඳව කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රොහාන් ප්‍රනාන්දු පැවැසුවේ තමා සභාපතිධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව පුදුමයට පත්වන බවයි.
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් ටෙලිකොම් සභාපතිවරයකු ඉවත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද ඒ සඳහා නීතිමය හැකියවක් ඇත්දැයි සොයා බලන බව ද ප්‍රනාන්දු මහතා කීය.
- රංජන් කස්තුරි