කුලී ගමන් යන මුවාවෙන් ත්‍රි රෝද රථවල නැගී ගොස් ත්‍රි රෝද රථ රියදුරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බියකර එම ත්‍රි රෝද රථ කොල්ලකෑමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු කොල්ලකෑ ත්‍රි රෝද රථ තුනක් සමගින් අද (20) දින කඩුවෙල වැලිවිට දී අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.
කුලී ගමන් යන මුවාවෙන් සැකකාර සහෝදරයන් තිදෙනාම ගොස් ඔරුගොඩවත්ත බියගම සහ කඩවත ප්‍රෙද්ශ වලින් මෙම ත්‍රි රෝද තුනෙහි නැග කඩුවෙල වෙලේ හන්දිය පාළු ප්‍ර දේශයකට රැගෙනවිත් රියදුරු බියකර කොල්ල කා ඇතැයි ද පොලිසිය පවසයි.
කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග පොලිස් කොස්තාපල්වරුන් වන 72619 කුමාර 82128 කපිල 82601 වනසිංහ 93373 කොඩිතුවක්කු 93839 සමිත 94118 අබේකෝන් 102620 හේරත් 103558 සදරැවන් යන නිළධාරීහු පරීක්ෂණ පවත්වති.
- කේ බුද්ධික කුමාරසිරි