අගය එකතු කළ බිම්මල් නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම හරහා මේ වන විට විශාල ආදායමක් උපයන නිෂ්පාදකයන් බිහිවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
වෙළෙඳපොළ තුළ පවතින මාංශ අඩංගු බර්ගර් බනිස් වෙනුවට නිර්මාංශ බර්ගර් බනිස් මිශ්‍රණයක් සකසා මේ වන විට අපනයනය කරයි. මෙම නිෂ්පාදනය කිරීමේදී බිම්මල් සමග පොලොස් මිශ්‍ර කිරීම සිදුකරන බැවින් නිර්මාංශ ආහාරයක් වුවද එයට ආවේණික මස් රසයක් පවතියි. නිර්මාංශ ආහාර සඳහා රුචිකත්වයක් දක්වන බොහෝ පිරිස් බිම්මල් ආහාරය සඳහා එක්කර ගැනීමට පෙලඹී ඇත.
Silk coopfration ආයතනය විසින් මෙම බනිස් මිශ්‍රණය නිෂ්පාදනය කරන අතර දෛනිකව බිම්මල් කිලෝ 350ක් පමණ යොදා ගනිමින් බර්ගර් මිශ්‍රණ 15000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට පවතින බව එහි විධායක අධ්‍යක්ෂ සහන් බක්මීවැව පැවසීය.
එමෙන්ම තම ආයතනයේ නිෂ්පාදන හරහා වාර්ෂිකව ඩොලර් මිලියනයක පමණ ආදායමක් හිමිව ඇති බව හෙතෙම පැවසීය. මේ හරහා දැනටමත් ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර ඒ අතරින් වැඩි සේවක ප්‍රමාණයක් විශ්වවිද්‍යාල තුළින් ඉවත්ව රැකියා විරහිතව සිටි තරුණ පිරිසක් වීම විශේෂත්වයකි.
නිෂ්පාදන සිදුකිරීම සඳහා අවශ්‍ය බිම්මල් මේ වන විට එම ආයතනය තුළින්ම සපයා ගන්නා බවත් ඉල්ලුම වැඩිවීමත් සමග ඉදිරියේදී බිම්මල් වගාකරුවන් හරහා බිම්මල් ලබාගැනීමට අපේක්ෂා කරන බැවින් වගාකරුවන්ට තම ආයතනය සමග එකතු විය හැකි බවත් අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.
- නිර්මාණි තිලකසිරි