නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු ඉහළට . . .

මේ වන විට නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද, විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇත.

ඒ සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත් කැඳවා තිබීම සම්බන්ධයෙන් ද ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එයට පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ නව ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීම සිදුකර ඇති බවත් නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම ගාස්තු වැඩි කිරීම සිදු කළ බවත් ය.

එමෙන්ම සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසලින් ජනතාවටත් . . .

Fri Jul 21 , 2023
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අළෙවි කිරීමට සැළසුම් කර ඇතැයි ද කීය. ඉන්දියාවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x