මියගිය පුතුගේ උපාධිය මවගේ දෑතට . . .

යාපනය සරසවියෙන්,  මිය ගිය පුතුගේ උපාධි සහතිකය කඳුළු පිරි දෙනෙතින් ලබා ගත් මවක් පිළිබඳ සිද්ධියක් වාර්තා වනවා.

ඊයේ (20) යාපනය සරසවියේ 37 වන උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වී ඇති අතර, එහිදී මෙම හැඟුම්බර අවස්ථාව උදා වී තිබෙනවා.

මෙසේ සිය පුතුගේ උපාධිය, මැදවච්චියේ මවක විසින් ලබාගෙන ඇති අතර, ඔහු යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපයේ අධ්‍යාපනය ලද දිසානායක මුදියන්සේලාගේ හසාන් සාගර දිසානායක නමැති ශිෂ්‍යයෙකි.

ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබු හසාන් සාගර දිසානායක, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

හසාන්ගේ උපාධිය ලබාගත් අවස්ථාව හැඟුම්බර අවස්ථාවක් වූ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා දරුවන්ද සිය ආසනවලින් නැගිට හසාන් සිහිපත් කළ බව සඳහන්ය.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තර් භික්‍ෂු විරෝධයට ජල ප්‍රහාර . . .

Sat Jul 22 , 2023
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹ පුරහල ආසන්නයේදී පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඊයේ (21 දා) හට ගැනිණි. පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුළු විෂයයන් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් සහ කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්විණි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x