ලබන සතියේ සිට අලුත් මරණ සහතිකයක් . . .

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ, මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිත බවයි.

රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද ඒ අතර ඇතුලත් වන අතර එය අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයක් වීම ද විශේෂත්වයක්.

සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ, එමෙන් එළැඹෙන සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ට මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමටද අධිකරණ අමාත්‍යාංශය තීරණය කොට ඇති බවයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු ඉහළට . . .

Fri Jul 21 , 2023
මේ වන විට නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද, විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇත. ඒ සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය. එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත් කැඳවා තිබීම සම්බන්ධයෙන් ද ඔහු පාර්ලිමේන්තුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x