ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ඉල්ලයි . . .

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර , ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි ගෙන් ඉල්ලීමක් කළේය.

ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන අයි.ආර්.ඕ.  ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි  ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී එම ඉල්ලීම කළේය.

එහිදී නියෝජිත පිරිස යහපත් ප්‍රතිචාර දැක්වු අතර, ශ්‍රී ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව සහ වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ අයි.ආර්.ඕ. ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා  සහ අයි.ආර්.ඕ. වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් පිරිසක්ද එක්ව සිටියහ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිමිනමක් ගිනිතබාගෙන අපවත් වෙයි . . .

Fri Jul 21 , 2023
නවගමුව ප්‍රදේශයේ අසපුවක වැඩ වාසය කළ හිමි නමකගේ අපවත් වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 20 වනදා හිමි නම සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇති බවට ලද තොරතුරකට අනුව නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් ඇත. පොලීසිය පවසන්නේ, කඩුවෙල මහෙස්ත්‍රාත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x