වසංගත රෝග 3ක් යළි හිස ඔසවයි . . .

 

ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් පාලනය කර තිබූ වසංගත රෝග 3ක් නැවත රට තුළ වර්ධනය වී ඇතැයි රාජිත සේනාරත්න ඊයේ (ජූලි 20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැලේරියා, බරවා සහ සරම්ප යන රෝග එසේ නැවත වර්ධනය වෙමින් පවතින අතර මෙම රෝග තත්ත්වයන් පසුගිය සමයේ රට තුළ සම්පූර්ණයෙන් ම පාලනය කර තිබූ නමුත් මෙම රෝග සහිත රෝගීන් නැවත සමාජයෙන් වාර්තා වන තත්ත්වයක් මතුවී ඇති බවද සේනාරත්න කීය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මුදල් ලබා නොදෙන බවට බලධාරීන් ප්‍රකාශ කළද එසේ මුදල් ලැබෙනවා ද නැද්ද යන්න පිළිබඳ තමා කළ සොයා බැලීමේදී එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබී ඇති බවට තමාට දැන ගන්නට හැකිවූ බව ද රාජිත සේනාරත්න  කීය.

මෙම තත්ත්වයන් රජය පාලනය නොකළහොත් තම ඡන්ද බල ප්‍රදේශවලට යාමට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇති වන බව ද රටේ ආර්ථිකය පිළිබඳව ම පමණක් කතා කර කර සිටීම නොව ආර්ථිකය හදාගන්න පෙර රටේ මිනිස්සු ජීවත් වී සිටිය යුතු බව ද රාජිත සේනාරත්න කීය.

සෞඛ්‍ය යනු, ජීවිත බව ද මෙම සෞඛ්‍ය ගැටලු විසඳීම වෙනුවෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතු බව ද රාජිත සේනාරත්න  කීය.

  • අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලබන සතියේ සිට අලුත් මරණ සහතිකයක් . . .

Fri Jul 21 , 2023
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ, මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x