රජය සතු ඉන්ධන ප්‍රමාණවත්ද? . . .

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තිස් තුන්දහස් නවසිය තිස් හයක් පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අමතරව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක්ද අද පෙරවරුව වන විට රජය සතුව පවතින බව වාර්තා වෙයි.

පසුගිය සති කිහිපය තුළ රජය සතු ඉන්ධන සංචිතයේ යම් අඩුවීමක් තිබුණද එය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මනිපූර් හිංසනය ලොව කලඹයි . . .

Sun Jul 23 , 2023
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත. එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. සිද්ධියට අදාල වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. පොලීසිය විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x