කුණු බිත්තර ගබඩාවක් වටලයි . . .

ඊයේ (23) සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් වටලනු ලැබීය.

අදාළ ගබඩාව දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබුණේය. ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇත.

ඊයේ රාත්‍රියේ අදාළ ගබඩාව පිහිටි දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයට ඔවුන් පැමිණි තිබේ. පරිභෝජනයට නුසුදුසු බිත්තර පෙට්ටි 100කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සොයාගෙන ඇත.

මුහුණුපොත හරහා ලබාගත් දුරකථන අංකයකින් සම්බන්ධවී ඉන්දියන් බිත්තර ලබාගෙන එහි මුද්‍රා මකා දමා වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සුදානම් වූ බවයි, බිත්තර අලෙවිකරුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ.

බිත්තරයක මුද්‍රා මැකීමට රුපියල් 4ක මුදලක් වැයවන බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. අදාළ අලෙවිකරුගෙන් බිත්තර මිලදී ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවියට රැගෙන ගිය තරුණයින් කිහිපදෙනෙකුද මෙහිදී ප්‍රකාශ කළේ බිත්තර නරක්වී තිබීම නිසා ඇතැම් වෙළෙඳසැල්වලින් තමන්ට පහරකෑමට ද සිදුවූ බවය.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි . . .

Mon Jul 24 , 2023
ලබන 31 වන දා සිට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලයයි. තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ කටයුතු සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා @norwayinindia ට්විටර් ගිණුම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x