කුරුඳුවත්ත රොස්මිඩ් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයා ඊයේ එම මහල් නිවාසයේ හත් වන මහලෙන් ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි 47 හැවිරිදි කමල් එරාන් හේරත් සඳරත්න නැමැති ව්‍යාපාරිකයෙක් ය.
පොලිස් නිලධාරියෙක් කියා සිටියේ, කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකර ගත්තාදැයි සැක මතුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
-
Aruna