ඉවත් කළ බස් යළි ධාවනයට . . .

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කර තිබේ.

එම අවස්ථාව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදීගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ බස් රථ මෙලෙස අලුත්වැඩියා කර තිබේ.

වසර 03කට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමට මෙලෙස මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175 සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

මෙම බස්රථ 175න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබාදීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ නිලධාරීන්ම බෙදාගෙන . . .

Tue Jul 25 , 2023
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා  සමාගමකින්  2018 සහ 2021 වසරවලදී   ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ  සිම්පත්  කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ  බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. සේවයෙන්  ඉවත්වූ  නිලධාරීන් 35 දෙනකුගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x