වෘත්තීය සමිති සාමාජිකයින්ට කොළඹ පාරවල් තහනම් . . .

වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  අද (25) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා කාලය තුළ එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වේ.

එමෙන්ම CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මුලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුළවීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් කොටුව අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

අදාළ නියෝග නිකුත් කර ඇති සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.

*සමීර අල්විල් – බැංකු හා මුල්‍ය සංසදයේ ක්‍රියාකාරි

* නිරෝෂන් ගොරකානාගේ – සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම්

*විජයතිලක ජයසිරි – අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ සභාපති

*සමීර පතිරණ – ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති

*උදයංග හෙට්ටිආරච්චි – ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක

*ඩී.පි. ජයවර්ධන –  ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවක සංගමයේ උපසභාපති

*ගාමිණි රත්නායක – වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

*අනුර නයනාන්ද – අන්තර් සමාගම් සේවක සංගමයේ බියගම කලාප සංවිධායක

*මංජුල සිරිසෝම – රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති

*අසංක සංජීව – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ උපලේකම්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ . . .

Tue Jul 25 , 2023
රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව  සෞඛ්‍ය හිටපු  අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය. හැම ඖෂධයකින්ම  සියයට 00.1 ක හෝ අතුරු ප්‍රතිඵල පැමිණීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කළේය. ඖෂධ හේතුවෙන් ආසාත්මිකතා දිනකට සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසූ ජයසුමන නිර්වින්දන ක්‍රියාදාමය නිසාද  සංකූලතා ඇතිවිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x