හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවයි . . .

මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල – විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර තිබෙනවා.

අද (24) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයකුගේ කාර්යමණ්ඩල ප්‍රධානියකු විසින් පසුගිය මාසයට අදාල බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාල බිල්පත් සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ලබාදිය යුතු වරප්‍රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ලබාදී තිබු නඩු තීන්දුවකට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ රජයෙන් ලබාදී ඇති නිල නිවාස හා වාහන නඩත්තුව හා ඉන්දන දීමනාවක් පමණක් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුරානයේ පිටපතකට ගිනි තබති . . .

Tue Jul 25 , 2023
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ. කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x