අධිවේගයේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය . . .

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් අණ නොතකා ඇතුළු වී ධාවනය කළ පුද්ගලයෙකුට දඩ නියම කර තිබෙනවා.

ඒ පනස්දෙදහස් පන්සියයක දඩ මුදලක් වන අතර රියැදුරු බලපත්‍රය ද වසරකට අත්හිටුවා ඇත.

මෙසේ දඩ නියම වූයේ මතුගම නාරවිල පදිංචි පුද්ගලයෙකුට වේ.

පසුගිය දිනෙක රාත්‍රි ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හුවමාරුවේ මාතර දෙසට ඇතුළුවන දොරටුවෙන් දක්ෂිණ අධිවේගයට යතුරුපැදිය ඇතුළු කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ය.

එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් ය.

කෙසේ වෙතත්, පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ යතුරුපැදිකරු බීමත්ව සිට ඇති බවයි.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලයිසන් මුද්‍රණයෙන් හමුදාව ඉවතට . . .

Wed Jul 26 , 2023
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි. රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x