වකුගඩු බද්ධ කිරීම අඩාළ වීමේ අවධානමක් . . .

වකුගඩු බද්ධ කිරීමේදී භාවිතා කරනු ලබන එන්නත් හිඟවීම නිසා කොළඹ මාළිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) වකුගඩු බද්ධ කිරීමේ කටයුතු අඩාළ වීමේ අවධානමක් මතුව තිබේ. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන එන්නත් වර්ග දෙකෙහිම හිඟයක් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝගින්ගේ වකගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම ඉදිරියේදී ප්‍රමාද කිරීමට සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවද ආධාර වශයෙන් ලැබෙන ඖෂධ භාවිත කරමින් රෝගින්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරනු ලබන අතර පසුගිය වසර තුළදී පමණක් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් හතළිස් එකක් වකුගඩු රෝහල තුළ සිදුකර ඇත.

පසුගිය කාලයේද මසකට සැත්කම් පහක් පමණ මෙම රෝහල සිදු කර ඇති අතර වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ වකුගඩු රෝග සහ වකුගඩු බද්ධ කිරීම් ආශ්‍රිත සුවිශේෂි ප්‍රතිකාර සිදුකරනු ලබයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගයේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය . . .

Wed Jul 26 , 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් අණ නොතකා ඇතුළු වී ධාවනය කළ පුද්ගලයෙකුට දඩ නියම කර තිබෙනවා. ඒ පනස්දෙදහස් පන්සියයක දඩ මුදලක් වන අතර රියැදුරු බලපත්‍රය ද වසරකට අත්හිටුවා ඇත. මෙසේ දඩ නියම වූයේ මතුගම නාරවිල පදිංචි පුද්ගලයෙකුට වේ. පසුගිය දිනෙක රාත්‍රි ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හුවමාරුවේ මාතර දෙසට ඇතුළුවන දොරටුවෙන් දක්ෂිණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x