දලයි ලාමා සමඟ සබඳතා එපා . . .

චීන බලධාරීන් ටිබෙටයේ ආරාම වැටලීම් සහ සෝදිසි කිරීම් කිහිපයක් සිදුකර ඇති අතර, ටිබෙට් බුදුදහමේ උත්තරීතර ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා සමඟ ඇති සියලු සබඳතා බිඳදැමීමට අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් කරන ලෙස භික්ෂූන් වහන්සේලාට බල කර ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කරයි.

මෙම මාසයේ සිට, ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ මුවාවෙන් චීන බලධාරීන් ෂෙන්ට්සා සහ සොක් ප්‍රාන්තවල ආරාම සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

එහිදී උපුටා දක්වා ඇති මූලාශ්‍රයට අනුව, ටිබෙටයේ ප්‍රකට ශාස්ත්‍රා ආරාමයේ භික්ෂූන් වහන්සේලාටද ශුද්ධෝත්තම දලයි ලාමා සමඟ සබඳතා අත්හැරීමටත්, දලයි ලාමා විරෝධී කණ්ඩායම්වලට එක්වීමටත් බලකෙරී ඇත.

පසුගිය වසරේ රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළේ, රජයේ නිල තනතුරුවල සේවය කරන ටිබෙට් ජාතිකයින්ට රැකියා කොන්දේසියක් ලෙස දලයි ලාමා සමඟ ඇති සියලු සබඳතා කපාහැරීම චීනය අනිවාර්ය කර ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇපල් සපත්තුවට ඉහල ලංසුවක් . . .

Wed Jul 26 , 2023
ඇපල් සමාගම අතීතයේදී තම සේවකයන් සඳහා සපත්තු නිර්මාණය කළ අතර 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔමේගා ස්පෝර්ට්ස් ඇපල් කම්පියුටර් සපත්තු වර්ගයට මෙම සපත්තු ජෝඩුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x