කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි . . .

රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 6 දෙනෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ප්‍රථමයෙන් මත්ද්‍රව්‍ය කොටසක් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකරුවන් පිටකොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පස්වරුවේ හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළට ගෙනැවිත් තිබූ ගුවන් භාණ්ඩ තොගයක් විවෘත කිරීමේදී එහි තිබී කෘත්‍රීම ගංජා තොගයක් නාකොටික් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එහිදී අදාළ ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පැමිණ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අම්පිටමින් නමැති මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණ වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියන් බිත්තර ශීතකරණයේ තබන්න . . .

Thu Jul 27 , 2023
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මේ වන විට සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් වලින් රුපියල් 35 ක මුදලකට ලබා ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරයි. එම බිත්තර ශීතකරණ වලින් පිටතට ගෙන සාමාන්‍ය පරිසරයේ තබා ගත හැක්කේ දින තුනක කාලයක් පමණක් බවද සංස්ථාව පවසයි. සෙන්ටිග්‍රේට් අංශක 2-5ත් අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x