ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට . . .

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් එමානුවෙල් මැක්‍රොන් ගේ ශ්‍රී ලංකා සංචාරය ඓතිහාසික වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා හෙට (29) උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනා කෙටි කාලය තුල ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත් එලීසේ මාළිගය පවසා තිබේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බවත් දෙරට මුහුණදෙන කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වනු ඇති බවත් එලීසේ මාළිගය පෙන්වා දී ඇත.

එලිසේ මාළිගය ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වේ.

  • විමුක්ති එස් රුද්‍රිගු

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හරීන්ගේ බලු පැටවා රැගෙන ගිය බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි . . .

Thu Jul 27 , 2023
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ට අයත් සුඛෝපභෝගි බස් රථයක් හපුතලේ ප්‍රදේශයේ දී ඊයේ දිනයේ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු හා ඇමතිවරයාට අයත් සුරතල් බලු පැටියා පමණක් එහි සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. අනතුරෙන් බස් රථයට හානි සිදු වී තිබුණද රියදුරුට හෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x